කටුනායක, සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදි කරන මුවාවෙන් ආරම්භ කර, පසුව නීති විරෝධී ලෙස දැවැන්ත පස් මහල් සිමෙන්ති කම්හලක් බවට පරිවර්තනය කළ 'මෙල්වා' (Melwa) සමාගමේ ව්‍යාපෘතියට එරෙහි සටනේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන්නේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් බව මේවන විට හෙළිව තිබේ.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රදේශයට, අනාගත පරපුරට සහ සමස්ත පරිසර පද්ධතියටම සිදුවිය හැකි මහා විනාශය සම්බන්ධයෙන් කාදිනල් හිමියන්ගේ සෘජු මැදිහත්වීම මෙන්ම, කතෝලික සභාවේ මෙන්ම ප්‍රදේශවාසී ජනතාවගේ ද දැඩි විරෝධය සෘජුවම රජය වෙත එල්ල කර ඇත.
2026 අගෝස්තු 12 වන දින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් සහ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.එම්.ඩී.එස්. දිසානායක මහත්වරුන් වෙත දැඩි ලිපි යොමු කරමින් කාදිනල් හිමියන් අවධාරණය කර ඇත්තේ මෙම ඉදිකිරීමට ලබා දී ඇති අවසරය වහාම අත්හිටුවිය යුතු බවයි.
මුතුරාජවෙල තෙත් බිම් කලාපය, ලියනගේමුල්ල කඩොලාන පරිසර පද්ධතිය, මීගමුව කලපුව සහ සීදුව සාන්ත තෝමස් කතෝලික ජාත්‍යන්තර විදුහල ඇතුළු පාසල් කිහිපයකට ඉතා ආසන්නව මෙම කම්හල පිහිටා ඇති බව එම ලිපි මගින් පෙන්වා දී ඇත.
සිමෙන්ති දූවිලි විමෝචනය වීම නිසා වාතයේ ගුණාත්මකභාවය පිරිහී, තෙත් බිම් ජලජ පරිසර පද්ධතිය විනාශ වී, දරුවන්ගේ සෞඛ්‍යයට හා අධ්‍යාපනයට එල්ල වන මරු පහර මෙන්ම බරවාහන ගමනාගමනයෙන් සිදුවන පාරිසරික විනාශය පිළිබඳව ද මෙහිදී කාදිනල්තුමාගේ දැඩි අවධානය යොමුව ඇති බව පැවසේ.

2026 අගෝස්තු 12 දිනැති කාදිනල් හිමියන්ගේ ලිපි
මේ සම්බන්ධයෙන් 2026 සැප්තැම්බර් 10 වන දින ගරු ජනාධිපතිතුමන් සමග විශේෂ සාකච්ඡාවක්ද කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නාගරික සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය පනවා ඇති සීමාවන් ඉක්මවා අදාළ ආයතනය කටයුතු කරන බව එහිදී කාදිනල් හිමියන් පෙන්වා දුන් අතර, මේ පිළිබඳව කඩිනමින් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව 2026 සැප්තැම්බර් 14 දින ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.ජී.එස්.සී. රෝෂන් මහතාගේ අත්සනින් නිකුත් කළ සාකච්ඡා සටහනේ තහවුරු කර ඇත.
වංචනික වෙනස් කිරීම් සහ නිලධාරීන්ගේ සැකකටයුතු ක්‍රියාකලාපය
මෙම කම්හලේ අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලිය දූෂණයේ සහ වංචාවේ පැහැදිලි සලකුණු පෙන්නුම් කරයි.
හෝටලයක් කම්හලක් වීම -
2020 වසරේදී මෙම ප්‍රදේශයට හෝටලයක් ඉදිකිරීමේ මුවාවෙන් පැමිණි පිරිසක්, මුලින් වර්ග මීටර් 3,857 ක තනි මහල් ගොඩනැගිල්ලක් සඳහා අනුමැතිය ලබාගෙන, පසුව එය වර්ග මීටර් 12,925 ක පස් මහල් (G+4) දැවැන්ත සිමෙන්ති කම්හලක් දක්වා නීති විරෝධීව වෙනස් කර තිබේ.
නත්තල් දින අනුමැතිය -
නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ ඩබ්.ඒ.ජී.ආර්. වික්‍රමසිංහ මහතා විසින් මෙම දැවැන්ත ගොඩනැගිල්ල අනුමත කරමින් අදාළ ලිපිවලට අත්සන් තබා ඇත්තේ 2025 දෙසැම්බර් 25 වැනි දිනයි. එදින රජයේ සහ බැංකු නිවාඩු දිනයක් වූ නත්තල් දිනය වීම මගින් මෙම අනුමැතිය පිටුපස ඇති සැකකටයුතු හා හදිසි ස්වභාවය මනාව පැහැදිලි වේ.

සාවද්‍ය තොරතුරු සැපයීම
කොළඹ අගරදගුරු පදවියේ 'සෙත් සරණ' ආයතනයේ අධ්‍යක්ෂ ගරු නිලන්ත හේෂාන් පියතුමා විසින් 2026 සැප්තැම්බර් 15 දින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට යොමු කළ ලිපිය මගින් මෙම වංචාව තවදුරටත් අනාවරණය කරයි.

මෙල්වා සමාගම විසින් 2020/09/30 දින මුලින්ම ඉල්ලා ඇත්තේ "කුඩා සිමෙන්ති ඇඹරුම් ඒකකයක්" (Mini cement Grinding unit) සඳහා පමණක් වුවද, පසුව එය මහා පරිමාණ කර්මාන්තයක් බවට පත් කර ඇත.
2025.09.09 වන දින මධ්‍යම පරිසර අධිකාරියේදී රාජ්‍ය නිලධාරීන්, කතෝලික පියතුමන්ලා සහ මෙල්වා නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවේදී අදාළ ඉල්ලුම්පත්වල පිටපත් ලබාදෙන බවට මෙල්වා සමාගම පොරොන්දු වුවද, ඔවුන් එය ඉටු කර නැත. මේ හරහා මධ්‍යම පරිසර අධිකාරියට සහ නාගරික සංවර්ධන අධිකාරියට එකිනෙකට පරස්පර සාවද්‍ය තොරතුරු ලබා දී අනුමැතිය ලබාගෙන ඇති බවට බලවත් සැකයක් මතු වේ.
කොන්දේසි උල්ලංඝනය සහ ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ලවන තර්ජනය
මෙම ඉදිකිරීම් කටයුතුවලදී වගකිවයුතු ආයතන පැනවූ කොන්දේසි රැසක් අමු අමුවේ උල්ලංඝනය කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය විසින් මුතුරාජවෙල රක්ෂිතයේ සිට මීටර් 100 ක දුරක් තබාගෙන ඉදිකිරීම් කළ යුතු බවට දුන් නිර්දේශය කඩකර ඇත.
උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා පමණක් වැඩ කළ යුතු වුවත්, රාත්‍රී කාලයේද (සවස 6.00 සිට උදෑසන 6.00 දක්වා) වැඩ කටයුතු කරමින් නියෝග කඩ කර ඇත. කටුනායක ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින්ද 2025/09/29 දිනැති ලිපියකින් මෙම අනවසර ඉදිකිරීම් පිළිබඳව පෙන්වා දී තිබේ.
තවද, 'සෙත් සරණ' ආයතනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට (NBRO) යොමු කළ ලිපියකට අනුව, ටොන් 2,000 ක ධාරිතාවකින් යුත් සයිලෝ (Silos) 2ක් සහ ටොන් 1,000 ක ධාරිතාවකින් යුත් සයිලෝ එකක් වශයෙන් මීටර් 40ක් පමණ උසැති දැවැන්ත සිමෙන්ති සයිලෝ 3ක් කලපු මායිමේ ඉදි කෙරෙමින් පවතී. නමුත් මෙම සංවේදී කලාපයේ පස්වල දරණ හැකියාව (soil bearing capacity) පිළිබඳව NBRO වෙතින් නිසි තාක්ෂණික පරීක්ෂණයක් කර ඇති බවට කිසිදු සාක්ෂියක් නැත.
මීට අමතරව, 2025.11.19 දින ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතියට අනුමැතිය දීමේදී, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම්වලට බාධාවන අයුරින් අවට දෘශ්‍යතාවයට හානි කරන දුම් හෝ අංශු නිකුත් කිරීමෙන් දැඩි ලෙස වැළකී සිටිය යුතු බවට කොන්දේසියක් පනවා ඇත. එහෙත් මෙවැනි දැවැන්ත සිමෙන්ති කම්හලකින් නිකුත් වන දූවිලි අංශු එම ගුවන් මෙහෙයුම්වලට ද සෘජු මාරාන්තික තර්ජනයක් වනු නිසැකය.

ජනතා විරෝධය සහ ජාතික වගකීම
ජනාකීර්ණ පරිසරයක, පාසල් සහ ආගමික සිද්ධස්ථාන මැද ඉදිවන මෙම කම්හල හුදෙක් ප්‍රාදේශීය ප්‍රශ්නයක් පමණක් නොව, දූෂිත පරිපාලනය පිළිඹිබු කරන ජාතික අර්බුදයකි. මේ වන විටත් "මුවදොර සුරැකීමේ සංවිධානය" වැනි සිවිල් සංවිධාන ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිතව දන්වා ඇත්තේ මෙම නීති විරෝධී ඉදිකිරීම වහාම නතර කර දෙන ලෙසත්, නිවාඩු දිනයකදී හොර රහසේ අනුමැතිය දුන් නිලධාරීන්ට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්ය.
කාදිනල් හිමියන්ගේ නොසැලෙන නායකත්වය යටතේ ප්‍රදේශවාසීන් සහ කතෝලික සභාව මෙම පාරිසරික විනාශයට එරෙහිව හඬ නගන්නේ අනාගත පරපුරේ සෞඛ්‍යය සහ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමේ පරම අරමුණෙනි. රාජ්‍ය ආයතන නොමග යවමින් කරගෙන යන මෙම පරිසර සංහාරය වහාම නතර කර නීතිය ක්‍රියාත්මක කිරීම දැන් වත්මන් රජයේ බලධාරීන්ගේ ප්‍රමුඛ වගකීම වී ඇත.
(මූලාශ්‍රය: ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත සහ කතෝලික සභාවේ නිල ලිපි ලේඛන)