එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රී ලංකා සමුද්‍රීය කලාපයට සහ පරිසරයට සිදු වූ හානිය වෙනුවෙන් X-Press Pearl Group සමාගම්වට ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ ද මෙතෙක් ඒ සඳහා ගෙවා ඇත්තේ රුපියල් මිලියන 250ක් (ඩොලර් මිලියන 1ක්) තැන්පතුවක් පමණක් බව වාර්තා වේ.
මේ වසරේ (2026) ජනවාරි 26 වැනිදා ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී, අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා නියමිත ‘ඩොලර් මිලියන 500ක මුදල වෙනුවට අදාළ නාවික සමාගම විසින් ලබාදී ඇත්තේ රුපියල් මිලියන 250ක (ඩොලර් මිලියන එකක) මුදලක් පමණක් බව’ දන්වා තිබේ.
පෙත්සම්කාර පාර්ශ්ව නියෝජනය කරන නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ, නියමිත පූර්ණ වන්දි වාරිකය ගෙවීම මගහැරීම අධිකරණයට කරන ලද බරපතල අපහාසයක් බවයි.
මේ නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබී (2025 ජූලි 24) මේවන විට වසරකටත් වඩා වැඩි කාලයක් ගතවී ඇති අතර මේ තීන්දුව ශ්‍රී ලංකාවේ පාරිසරික නීති ඉතිහාසයේ වැදගත්ම තීන්දුවක් ලෙස සැලකේ.
මෙම නඩුව මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් (SC/FR 168/2021, 176/2021, 184/2021 සහ 277/2021) එකට විභාග කිරීමෙන් පසුව දූෂකයා වන්දි ගෙවිය යුතුය යන මූලධර්මය (Polluter Pays Principle) යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබාදී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති X-Press Pearl Group හට EOS Ro Pte. Ltd. (නෞකාවේ ලියාපදිංචි හිමිකරු, Killiney Shipping Pte. Ltd. – (නිරාවරණ නෞකා බදුකරු – Bareboat Charterer), Sea Consortium Pte. Ltd. (Singapore) (වාණිජ මෙහෙයුම් සම්බන්ධීකරණය කරන පාර්ශ්වය – Time Charterer / Operator) හා Sea Consortium Lanka (Pvt.) Ltd. (ශ්‍රී ලංකාවේ දේශීය නියෝජිතයා)
මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන ‘සී කොන්සෝටියම්’ (Sea Consortium Lanka Pvt Ltd) ආයතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, කොළඹ මහේස්ත්‍රාත් සහ මහාධිකරණ නියෝග මත එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 14 දෙනෙකුට විදෙස් ගමන් තහනම් පනවා තිබේ.
බේරුම්කරණය
නෛතික ක්‍රියාමාර්ග මගහැරීමේ උත්සාහයක නිරත වන බවට චෝදනා එල්ල වන විදේශීය නෞකා සමාගම, ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමේ ඇති ආයෝජන ආරක්ෂණ වගන්ති භාවිත කරමින් ජාත්‍යන්තර බේරුම්කරණ (Arbitration) ක්‍රියාවලියකට යොමුවීමට පියවර ගෙන ඇත. වෙරළ තීරය පිරිසිදු කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 150ත් 170ත් අතර මුදලක් වැය කර ඇති බැවින් එය ප්‍රමාණවත් බව අදාළ විදේශීය නෞකා හිමියෝ තර්ක කරති.
කෙසේ වෙතත්, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ දේශීය සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ සියලු පුද්ගලික සහ ආයතනික වත්කම් පිළිබඳ දිවුරුම් පෙත්සම් කැඳවන ලෙසයි.
# මෙහි රක්ෂණ ආරවුල සම්බන්ධ විස්තරයක් පසුවට..