ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගොස් සිටින සංවිධානාත්මක කල්ලියක් විසින් සිදු කරනු ලබන මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවදානය යොමුව ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.
එම පිරිස ඕස්ට්‍රේලියානු රජය මගින් කලාකරුවන් සඳහා නිකුත් කරන Subclass 408 (Entertainment Visa) වීසා අවභාවිත කරමින් සූක්ෂමව මෙය සිදුකරනු ලබන බවද වාර්තා වේ.
මේ ජාවාරමට ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික කලාකරුවන් සම්බන්ධකර ගනිමින් ප්‍රසංග සිදු කරනු ලබන ජනප්‍රිය ආයතන දෙකක් හා පුද්ගලයින් කිහිපදෙනකු සම්බන්ධ බව පැවසේ.
මෙසේ ඇතැම් ප්‍රසංග සඳහා කලාකරුවන් නොවන පිරිස් ගෙන්වාගෙන අදාළ පුද්ගලයින්ගේ ආපන ශාලාවල අඩු වැටුපට සේවකයින් ලෙස යොදවා ඇති බවද වාර්තා වේ.
එසේම ඒ ආකාරයට ගෙන්වාගත් ඇතැමුන් එරට අධ්‍යාපන ආයතනවලට බදවා ශිෂ්‍ය වීසා ලබාදීමට ද කටයුතු කර ඇති බව පැවසේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ සංගීත ඉතිහාසයේ පුරාවෘත්තයක් වන මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිතය ඇසුරින් නිර්මාණය වූ “එදා රෑ” චිත්‍රපටය ඔස්ට්‍රේලියාව තුළ බෙදා හැරීමට සම්බන්ධ වී ඇත්තේද අදාළ චෝදනා එල්ලව සිටින කණ්ඩායම් සාමාජිකයෙක් බවට මාධ්‍ය වාර්තා පැතිර තිබේ.
එම චිත්‍රපටය ලබන 20 වැනිදා සිට ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

- voiceofsrilanka.com